මන්ත්‍රීවරු 62කට විශ්‍රාම වැටුප අහිමි වෙයි

මන්ත්‍රීවරු 62කට විශ්‍රාම වැටුප අහිමි වෙයි

by Staff writer 03-03-2020 | 8:01 PM

COLOMBO ( News 1st ) - පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමග වසර 05 සම්පූර්ණ නොකළ මන්ත්‍රීවරුන් 62 දෙනෙකුට විශ්‍රාම වැටුප අහිමි වී තිබේ.

එම මන්ත්‍රීවරුන්ගෙන් 34 දෙනෙකු නියෝජනය කරන්නේ එක්සත් ජාතික පක්ෂයයි. මන්ත්‍රී විශ්‍රාම වැටුප අහිමිවන එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 17කි. මීට අමතරව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා හා දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් 06 දෙනෙකු ද පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප අහිමිවන මන්ත්‍රී කණ්ඩායමට ඇතුළත් වේ.