V-Force නවතම ක්‍රියාන්විතය කොළඹින් ඇරඹේ

පෙර පාසල් වර්ණ ගැන්වීමේ V-Force ක්‍රියාන්විතය කොළඹින් ඇරඹේ

by Staff writer 03-03-2020 | 1:11 PM
COLOMBO (News 1st) : කන්සායි එස්ලෝන් ලංකා ආයතනය සහ ගම්මැද්ද V-Force එක්ව අද කොළඹ මහනගර සභාවට අයත් පෙර පාසල් 7ක් පින්තාරු කිරීම ආරම්භ කළේ ය. කොළඹ මහනගර සභාවට අයත් වැල්ලවත්ත පීටර්සන් පෙර පාසල , කොළඹ 3 ස්ටැන්ලි ජෑන්ස් පෙරපාසල, කොළඹ 7 නයිටා පෙර පාසල , වනාතමුල්ල එන්. එම්. පෙරේරා පෙර පාසල අද පින්තාරු කිරීමට නියමිතයි. තවත් පෙර පාසල් 3ක් හෙට පින්තාරු කිරීමට V-Force බලකායේ සාමාජිකයෝ සූදානමින් සිටිති. මේ අවස්ථාවට සීමාසහිත කැපිටල් මහරාජා සංවිධානයේ සමූහ අධ්‍යක්ෂ එස්.සී. වීරසේකර මහතා , කොළඹ මහනගර සභාවේ පුන්‍ය කොමසාරිස් ශානිකා රණවීර මහත්මිය ඇතුළු පිරිසක් එක්ව සිටියහ. V-Force බලකායත් සමග අද ක්‍රිකට් ක්‍රීඩකයින් කිහිප දෙනෙකු ද එක්ව සිටීම විශේෂත්වයකි. https://www.facebook.com/vforceSL/videos/3258061770873810/