ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 03-03-2020 | 6:56 AM
දේශීය පුවත් 1. පාර්ලිමේන්තුව ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට විසුරුවා හැරේ : පාර්ලිමේන්තුව ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි විසුරුවා හැර තිබේ. 2. ලොකු ළූණු හිඟයට ඉන්දියාවෙන් පිළියමක් : ඉන්දියාවෙන් ලොකු ළූණු ආනයනය කිරීමට රජය පියවර ගෙන තිබේ. 3. තංගල්ලේ වැටලීමකින් හෙරොයින් කිලෝග්‍රෑම් 330 ක් සොයාගනී : නාවික හමුදාව හා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්ය්‍යාංශය සමග තංගල්ල, කුඩාවැල්ල ප්‍රදේශයේ කළ වැටලීමකින් හෙරොයින් කිලෝග්‍රෑම් 330 ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 50 ක් සොයා ගෙන තිබේ. 4. විගණන නිලධාරීහු ඊයේ සිට විගණන කටයුතුවලින් ඉවත් වෙති : ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් විගණන නිලධාරීන් ඊයේ සිට විගණන කටයුතුවලින් ඉවත්වන බව ශ්‍රී ලංකා විගණන පරීක්ෂක සේවා සංගමය පවසයි. 5. රුපියල් කෝටි 10ක හෙරොයින් සහ කේරල ගංජා සමග පුද්ගලයෙකු STF දැලේ : හෙරොයින් කිලෝග්‍රෑම් 10 ක් හා කේරල ගංජා කිලෝග්‍රෑම් 7 ක් සමග කැලණිය වනවාසලදී පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.