රංජිත් මද්දුමබණ්ඩාර සමගි ජන බලවේගයෙන් මැතිවරණයට

රංජිත් මද්දුමබණ්ඩාර සමගි ජන බලවේගයෙන් මැතිවරණයට

by Staff writer 02-03-2020 | 6:21 AM

COLOMBO ( News 1st ) - එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම ඊයේ රාත්‍රියේ පැවැත්විය.

දීර්ඝ වෙලාවක් පැවති මෙම රැස්වීමෙන් අනතුරුව ඉදිරි මහ මැතිවරණයට තරග කිරීම පිළිබඳව සමගි ජන බලවේගයෙහි මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා මෙලෙස අදහස් පල කළේ ය.
සන්ධානය සම්බන්ධව අවසාන තීන්දුවක් ගන්න සලකුණ සම්බන්ධව අවසාන තීන්දුවක් ගන්නයි අපි ආවේ. මාස 3ක් අපි මේක සාකච්ඡා කරා. අපි උත්සාහ කරේ සියලු දෙනාම සමගියෙන් සියලු දෙනාගෙම සහභාගීත්වයෙන් තරග කරන්න. නමුත් දිනෙන් දින නොයෙක් නොයෙක් ප්‍රශ්න දාල මේක කල් දැම්මා. අපි අපේ නව සන්ධානයේ ප්‍රථම දොරට වැඩීමේ සමාරම්භක උත්සවය තියෙනවා. අපි අනිවාර්යයෙන්ම සමගි ජන බලවේගයෙන් තරග කරනවා. සලකුණ අපි ඉතා ඉක්මණින් ප්‍රකාශයට පත් කරනවා.අපිව මං හිතන්නේ මාස 3ක් අපිව රැවැට්ටුවා. අපිට ඕනේ මෙතන කිහිප දෙනෙක් ගන්න තීන්දු නෙවෙයි ජනතාවට අවශ්‍යතාවය අනුව, ජනතාවගේ ඉල්ලීම අනුව සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වයෙන් සමගි ජන බලවේගයෙන් අපි ඉල්ලන්න තීන්දු කරලා තියෙනවා.
මාධ්‍යවේදී ප්‍රශ්නය -  එතකොට අලියා ගන්නේ නෑ? රංජිත් මද්දුමබණ්ඩාර මහතාගේ පිළිතුර
නෑ. අපි කැමතියි අලියගෙ කිසි ප්‍රශ්නයක් නෑ. ජනතාව අලියට අපි ආදරෙයි. අපි ඉල්ලුවා අලියව අපිට නීත්‍යනුකූලව දෙන්න කියලා.අලිය දෙන්නෙත් නෑ ඒ අය. රනිල් වික්‍රමසිංහ මහත්තය අගමැති ඉල්ලන්නෙත් නෑ. ඉතින් මේ රටේ ජනතාව ඉල්ලන දේ අපි කරන්නේ. එක්සත් ජාතික පාක්ෂිකයෝ අර පරණ මුහුණුවරින් රට එපා කියන රනිල් වික්‍රමසිංහ මහත්තය එක්ක අපි යන්න කැමති නෑ මැතිවරණයට.