මහ මැතිවරණය අප්‍රේල්  25 වැනි දා

පාර්ලිමේන්තු මහ මැතිවරණය අප්‍රේල් 25 වැනි දා - මැතිවරණ කොමිෂන් සභාව

by Staff writer 02-03-2020 | 9:22 PM

COLOMBO (News 1st) - පාර්ලිමේන්තු මහ මැතිවරණය අප්‍රේල් මස 25 වැනි දා පැවැත්වෙන බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ඊට අදාළ නාමයෝජනා කැඳවීම ලබන 12 වැනි දා සිට 19 වැනි දා මධ්‍යහන 12.00 දක්වා සිදු කෙරෙනු ඇති. නව පාර්ලිමේන්තුව රැස්වීමේ දිනය මැයි මස 14 වැනි දා ලෙස ද ප්‍රකාශයට පත් කර ඇතැයි ජාතික මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ ය. මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අත්සන් කරන ලද පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළ ගැසට් නිවේදනය මේ වනවිට රජයේ මුද්‍රණාලයට ලැබී තිබේ. රජයේ මුද්‍රණාලායාධිපති ගංගා කල්පනී ලියනගේ මහත්මිය සඳහන් කළේ, එය මුද්‍රණයට අවශ්‍ය පියවර ගෙන ඇති බවයි.