පාර්ලිමේන්තුව විසුරුවීමේ ගැසට් නිවේදනය මුද්‍රණාලයට

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළ ගැසට් නිවේදනය රජයේ මුද්‍රණාලයට

by Staff writer 02-03-2020 | 9:01 PM
COLOMBO (News 1st) - ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අත්සන් කරන ලද පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළ ගැසට් නිවේදනය මේ වනවිට රජයේ මුද්‍රණාලයට ලැබී තිබේ. රජයේ මුද්‍රණාලායාධිපති ගංගා කල්පනී ලියනගේ මහත්මිය සඳහන් කළේ, එය මුද්‍රණයට අවශ්‍ය පියවර ගෙන ඇති බවයි.