නව ආගමන විගමන පාලක ජනරාල් ධුරයේ වැඩ භාර ගනී

නව ආගමන විගමන පාලක ජනරාල් ලෙස යු. වි. සරත් රූපසිරි වැඩ භාර ගනී

by Staff writer 02-03-2020 | 5:25 PM

COLOMBO (News 1st) - නව ආගමන විගමන පාලක ජනරාල්වරයා ලෙස යු. වි. සරත් රූපසිරි මහතා අද වැඩභාර ගෙන තිබේ.

ඔහු ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකි. සරත් රූපසිරි මහතා ආගමන විගමන දෙපාර්තමේන්තුවේ වසර 23 ක පමණ රාජකාරි අත්දැකීම්  සහිත නිලධාරියෙකු වීම විශේෂත්වයකි. 1987 වසරේදී ශ්‍රී ලංකා පරිපාලන සේවයේ රාජකාරි ආරම්භ කරන ඔහු ඊට පෙර සමාජ සවිබලගෑන්වීම් අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකු ලෙස සේවය කළේ ය.