by Staff writer 02-03-2020 | 10:59 AM
COLOMBO ( News 1st ) - පාදෙණිය - අනුරාධපුර මාර්ගයේ තඹුත්තේගම ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තවත් 4 දෙනෙකු තුවාල ලබා තිබේ.
පොලීසිය පැවසුවේ පාදෙණිය දෙසට ධාවනය වූ මෝටර් රථයක් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි මෝටර් රථයක ගැටීමෙන් අද අලුයම මෙම අනතුර සිදුව ඇති බවයි.
අනතුරින් බරපතල තුවාල ලැබූ එක් මෝටර් රථයක රියැදුරෙකු තඹුත්තේගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.
41 හැවිරිදි වියේ පසුවූ ඔහු නෑබඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.