by Staff writer 02-03-2020 | 7:20 PM
COLOMBO (News 1st) - නාවික හමුදාව හා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්ය්‍යාංශය සමග තංගල්ල, කුඩාවැල්ල ප්‍රදේශයේ කළ වැටලීමකින් හෙරොයින් කිලෝග්‍රෑම් 330 ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 50 ක් සොයා ගෙන තිබේ.
නාවික හමුදා ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සුරිය බණ්ඩාර මහතා සඳහන් කළේ, පසුගිය දා කළ වැටලීමේ දිගුවක් ලෙස මෙම මෙහෙයුම ක්‍රියාත්මක කළ බවයි.
අන්තර් ජාතික මුහුදේ සැකකටයුතු යාත්‍රා දෙකක් පරීක්ෂා කිරීමේදී මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගත් බව ඔහු සඳහන් කළේ ය.
මෙම සෝදිසිය සිදු කර ඇත්තේ පසුගිය සෙනසුරාදා සිදු කළ මෙහෙයුමේ දිගුවක් ලෙසයි.
මේ අතර හෙරොයින් කිලෝග්‍රෑම් 10 ක් හා කේරල ගංජා කිලෝග්‍රෑම් 7 ක් සමග කැලණිය, වනවාසලදී පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ, බුද්ධි අංශයට ලද තොරතුරක් අනුව අද උදෑසන වැටලීම සිදු කළ බවයි.
එවායේ වටිනකම රුපියල් කෝටි 10 කට අධික බව පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසීය.