COLOMBO (News 1st) - නව කොරෝනා වෛරසය හේතුවෙන් ජාත්‍යන්තරව මතුව ඇති තත්ත්වයත් සමග ශ්‍රී ලංකාව තුළ විශාල පිරිසක් නිරෝධායනය කළ හැකි ස්ථාන පිළිබඳව හදුනාගනිමින් පවතින බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.
ජ්‍යෙෂ්ඨ වසංගත රෝග විද්‍යාඥ සුදත් සමරවීර මහතා ප්‍රකාශ කළේ අවදානම් තත්ත්වයන් පිලිබඳව අධ්‍යනය කිරීමෙන් අනතුරුව යම් නගරයකින් හෝ රටකින් පැමිණෙන පිරිස් එවැනි ස්ථානයකට යොමු කිරීමට තීරණය කරන බවයි.
චීනයෙන් පිටත කොරෝනා රෝගය වාර්තාවෙන රටවල් අතුරින් පළමු ස්ථානයේ පසුවන්නේ දකුණු කොරියාවයි.
ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසක් සේවයේ නිරවෙන දකුණු කොරියාවේ අද වනවිට වාර්තා වූ ආසාධිතයින් සංඛ්‍යාව 3526 කි.
ඉතාලිය එම දත්ත සටහනේ දෙවැනි ස්ථානයේ පසුවන අතර එරටින් වාර්තාවෙන ආසාධිතයන්ගේ සංඛ්‍යාව 1128 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ජපානයෙන් රෝගීන් 705 දෙනෙකු වාර්තාවෙන අතර ඉරානයේ එම සංඛ්‍යාව 594 කි.
වසංගත රෝග විද්‍යා ඒකකයේ ජ්‍යෙෂ්ඨ වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා
ඉතාලිය සහ දකුණු කොරියාව ඉතාමත් වැදගත් වෙනවා මොකද එම රටවල ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසක් සිටින නිසා , එලෙස පැමිණිච්ච කිහිප දෙනෙක් නව කොරෝනා රෝගය වැලදී ඇතැයි සැකරලා රෝහල්වලට ඇතුල්වෙලා තියනවා , අපි ඔවුන්ව පරික්ෂාවට යොමුකරනවා ඔවුන්ට නව කොරෝනා වෛරසය වැලදී අතැයි තහවුරුවු වුනොත් ඔවුන්ට අවශ්‍ය ප්‍රතිකාර ලබාදෙනවා, චීනයේ සිට ලංකාවට පැමිණි ශ්‍රී ලාංකකයින් වගේම විදේශකියින් සම්බන්ධයෙන් අනුගමනය කරපු ක්‍රියාමාර්ගයම තමයි මේ අවස්ථාවේදී දකුණු කොරියාවේ සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයෙකුට හෝ වෙනත් විදේශිකයෙකුයට ඉතාලියේ සිට පැමිණෙන අයටත් අපි අනුගමනය කරන්නේ , මේ රෝගය වාර්තාවෙන රටවල් සම්බන්ධයෙන් අපි ඉතාමත් කිට්ටුවෙන් කටයුතු කරනවා, දැන් තියන අවදානම් තත්ත්වයත් එක්ක තමුන්ගේ ගෙදරදී තමයි නිරෝධායනය කටයුතු කරන්නේ ඔවුන්ට තමුන්ගේ ගෙදරට වෙලා සති දෙකක් ඉන්න කියනවා , නමුත් අර වුහාන් නගරයේ සිට පැමිණි ශ්‍රී ලාංකයින් වගේ සමහර වෙලාට අපට මේ තියන අවදානම් තත්ත්වය පිළිබඳ අධ්‍යයනය කරලා අවශ්‍ය වුණොත් ඉදිරියේදී අපිට තීරණයක් ගන්න සිද්ධවෙනවා ඒ රටවල් වලින් පැමිණෙන විශේෂ නගරයකින් හෝ රටකින් පැමිණෙන අය තමුන්ගේ සමාජය නැත්තම් ගෙදරට මුදා හැරීමට පෙර සති දෙකක් යනකම් යම්කිසි ස්ථානයක රදවා තබාගෙන නිරෝධායනය කරන්න සිද්ධවෙයිද කියලා, උදාහරණයක් විදිහට නැවේ හිටපු ශ්‍රී ලාංකිකයින් දෙදෙනා අද ඉන්දියාවේදී නිරෝධායනට ලක්වෙලා තියනවා, ඒ විදිහට කටයුතු කරන්න සිද්ධවෙනවා, එහෙම වුනොත් ඒ සඳහා අවශ්‍ය පහසුකම් අපි හදුනා ගැනීමට කටයුතු කරමින් දැන් පවතිනවා, කොයිවගේ තැන්වලද ඒ වගේ විශාල පිරිසක් අපට රදවාගෙන අවශ්‍ය වුනොත් නිරෝධයානය කරන්න හැකියාව ලැබෙන්නේ කියලා
මේ අතර කොරෝනා අසාදනයවී ඇති බවට සැකපිට රෝහල් ගතකළ ඉතාලියේ සිට පැමිණි පුද්ගලයින් දෙදෙනාට එම වෛසරය ආසාදනය වී නොමැති බවට තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.
එහි විශේෂඥ වෛද්‍ය සමිත ගීකියනගේ මහතා සඳහන් කළේ ඔවුන් පෙරේදා දිනයේදී අංගොඩ බෝවන රෝග විද්‍යායතනයට ඇතුළත් කළ බවයි.
සෙම්ප්‍රතිෂ්‍යාව ඇතුළු රෝග ලක්ෂණ හේතුවෙන් ඔවුන් ශ්‍රී ජයවර්ධනපුර හා රාගම රෝහල්වලට ඇතුළත් කිරිමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා අංගොඩ බෝවන රෝග විද්‍යායතනයට යොමු කෙරුණි.
ඔවුන් දෙදෙනා සමග කොරෝනා බවට සැකපිට අංගොඩ බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 4 කි.
මේ අතර අමෙරිකාවෙන්, ඕස්ට්‍රේලියාවන් සහ තායිලන්තයෙන් අද ප්‍රථම වරට කොරෝනා මරණ වාර්තා විය.
පර්ත් හි රෝහලකදී මිය ගිය ඔස්ට්‍රේලියානුවා 78 වන වියෙහි පසුවන ජපානයේදී නිරෝධායනය කෙරුණු ඩයමන්ඩ් ප්‍රින්සන් නෞකාවේ සිටි අයෙකි.