සරසවි සිසුන් 21 දෙනෙකු අත්අඩංගුවට

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිට අට්ටාලයක රැඳී සිටි සරසවි සිසුන් 21 දෙනෙකු අත්අඩංගුවට

by Staff writer 01-03-2020 | 11:25 AM

COLOMBO (News 1st) - විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිට අනවසරයෙන් අට්ටාලයක රැඳී සිටි සරසවි සිසුන් 21 දෙනෙකු අද උදෑසන අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, ශිෂ්‍ය භික්ෂුන්වහන්සේ දෙනමක් ද ඒ අතර සිටින බවයි. මහජනතාවට පීඩාකාරී වන ලෙස හැසිරීම සහ මාර්ග අවහිර කිරීම ඇතුළු චෝදනා යටතේ මෙම සිසුන් අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන් අද අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.