ලෝක වෙළෙඳපොළේ  රත්‍රං මිල ඉහළට

ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිල ඉහළට

by Staff writer 01-03-2020 | 12:19 PM

COLOMBO (News 1st) - ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිල ගණන්වල අඛණ්ඩ ඉහළ‍යාමක් වාර්තාවේ.

ඒ අනුව ලෝක වෙළෙඳපෙළේ රත්‍රං අවුන්සයක මිල සටහන් වූයේ අමෙරිකානු ඩොලර් 1586.45 ක් ලෙසය. වෙනත් මුදල් ඒකකවලට සාපේක්ෂව අමෙරිකානු ඩොලරයේ අගය දුර්වලවීම ඊට ප්‍රධාන හේතුවයි. කොරෝනා වෛරසය පැතිරයාමත් සමග ආයෝජකයන් රත්‍රං මිලදී ගැනීමට පෙළඹීම ඊට බලපා ඇති තව ත් කරුණක් වේ. ඒ අනුව දේශීය වෙළෙඳපොළේ කැරට් 22 රන් පවුමක මිල සටහන් වන්නේ රුපියල් 71,950 ක් ලෙසයි. කැරට් 24 ක රන් පවුමක මිල රුපියල් 78,500 ක් වේ.