ඔබේ දරුවා ඔබට එපා ද?

මව්පියන්ට එපා වූ කුඩා දරුවන් භාරදීමට ළමාරක්ෂක අධිකාරියෙන් නව මධ්‍යස්ථාන 09 ක්

by Staff writer 01-03-2020 | 7:08 AM

COLOMBO (News 1st) - යම් මවකට තම දරුවා අනවශ්‍ය බව හැඟුණහොත් දරුවා භාරදීමට හැකි මධ්‍යස්ථාන 9 ක් රටපුරා පිහිටුවීමට ජාතික ළමාරක්ෂණ අධිකාරිය තීරණය කර තිබේ.

එහි සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා සඳහන් කළේ, උපතේ සිට වසරක් වයසැති දරුවන් මේ යටතේ එම මධ්‍යස්ථානවලට භාරදිය හැකි බවයි. පසුගිය කාලයේ විවිධ හේතු මත දරුවන් මහ මග දමා යාම, ඝාතනය කිරීම වැනි හේතු වාර්තා විය. සභාපතිවරයා ප්‍රකාශ කළේ, මෙවැනි තත්ත්වයන් අවම කර දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා නව වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවයි.