මත්කුඩු සමග අත්අඩංගුවට ගත් පිරිසට රැඳවුම් නියෝග

මත්කුඩු සමග ගාල්ල මුහුදේදී අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් රැඳවුම් නියෝග මත පොලිසිය ප්‍රශ්න කෙරේ

by Staff writer 01-03-2020 | 10:11 PM

COLOMBO (News 1st) -  මත්කුඩු කිලෝ 140ක් සමග ගාල්ල මුහුදු තීරයේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් හය දෙනාගෙන් රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරන බව පොලීසිය පවසයි.

මෙම සැකකරුවන් 06 දෙනා අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කළේය. හෙරොයින් ක්‍රිලෝග්‍රෑම් 74යි ග්‍රෑම් 666ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 65යි ග්‍රෑම් 714ක් ඊයේ නාවික හමුදාව භාරයට ගනු ලැබුවේ දකුණු මුහුදු තීරියේ කුඩා වැල්ල ප්‍රදේශයේදීයි. ඇෆ්ගනිස්ථානයේ සිට ඉරානයට අයත් බෝට්ටුවකින් මෙම මත්ද්‍රව්‍ය තොගය දිවයිනට රැගෙන විත් තිබුණි. ඒවා කුඩාවැල්ල මුහුදු තීරයේදී මෙරටට තවත් බෝට්ටු දෙකකට ලබා දීමට උත්සහ කර තිබුණි. වැටලීම සිදු කළේ සමුද්‍ර නෞකාවේ සිටි නාවික සෙබළුන් හා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ කණ්ඩායම් 9ක් එක්වයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර කාන්තාවක් ද සිටී. ඔවුන් දික්වැල්ල, බෙලිඅත්ත, පිළියන්දල, තංගල්ල හා කුඩාවැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.