by Staff writer 01-03-2020 | 4:26 PM
COLOMBO ( News 1st ) - වයඹ, බස්නාහිර, සබරගමුව හා දකුණ පළාත්වලත් මොණරාගල දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලත් උෂ්ණත්ව දර්ශකය ඉතා ඉහළ අගයක් ගන්නා බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, එම තත්ත්වය වැඩි අවධානමක් යොමු කළ යුතු මට්ටම දක්වා ඉහළ ගොස් ඇති බවයි.
එම ප්‍රදේශවල මිනිස් සිරුරට දැනෙන උණුසුම සෙල්සියස් අංශක 32 - 41 අතර ප්‍රමාණයක පවතින බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
මෙවැනි අවස්ථාවල දී විජලනය, මස්පිඬු පෙරළීම හා අධික මහන්සිය වැනි තත්ත්වයන් ඇතිවිය හැකි බැවින් මේ පිළිබඳ වැඩි විමසිල්ලක් දැක්විය යුතු බව ද එම දෙපාර්තමේන්තුව පවසයි.