දක්ෂිණ අධිවේගයේදී බස් රථයක ගින්නක්

දක්ෂිණ අධිවේගයේදී මාතර දෙසට ධාවනය කළ බස් රථයක ගින්නක්

by Staff writer 01-03-2020 | 4:57 PM

COLOMBO ( News 1st ) - දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොක්මාදුව සහ ඉමදුව අතර ප්‍රදේශයේදී මගී බස් රථයක ගින්නක් හටගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ , ගින්න නිවීම සඳහා ගිනි නිවීම් රථ යොදවා ඇති බවයි. කොළඹ සිට හම්බන්තොට බලා ධාවනය වූ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක ගින්න හටගෙන තිබේ. ගින්නෙන් බස් රථයේ ගමන් කළ මගීන් කිසිවෙකුට අනතුරක් සිදු වී නොමැත.