by Staff writer 01-03-2020 | 6:33 PM
COLOMBO ( News 1st ) - ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රුව ප්‍රසිද්ධ ස්ථානවල ප්‍රදර්ශනය නොකරන්නැයි ජනාධිපති මාධ්‍ය අංශය ඉල්ලීමක් කරමින් නිවේදනයක් නිකුත් කර තිබේ.
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, ජනාධිපතිතුමාගේ රුව ඇතුළත් සිතුවම් හෝ ඡායාරූප ප්‍රදර්ශනය නිසි අධීක්ෂණයකින් තොරව උත්සව භූමිවල සහ මග දෙපස ප්‍රදර්ශනය කෙරෙන බව නිරීක්ෂණය වී ඇති බවයි.
පුද්ගල ප්‍රතිරූප ප්‍රවර්ධනය අගය නොකරන බැවින් තමාගේ රුව ඇතුළත් ඡායාරූප හෝ සිතුවම් ප්‍රදර්ශනය කිරිමෙන් වළකින්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දැනුම් දී තිබේ.