ගල්කිරියාගමෙන් පොලිස් සැරයන්වරයෙකුගේ මළසිරුරක්

ගල්කිරියාම, කිරල ඇලෙන් පොලිස් සැරයන්වරයෙකුගේ මළසිරුරක්

by Staff writer 01-03-2020 | 3:46 PM

COLOMBO ( News 1st ) - ගල්කිරියාම, කිරල ඇලේ තිබී අද පෙරවරුවේ යතුරු පැදියත් සමග පොලිස් සැරයන්වරයකුගේ මළසිරුරක් සොයා ගැනිණි.

පොලීසිය පැවසුවේ මොහු කිසියම් අනතුරට ලක්ව මියයන්නට ඇතැයි සැක කරන බවයි. ඊයේ රාත්‍රී 11.00 දක්වා සේවා මුරයේ යෙදී සිටි එම පොලිස් සැරයන්වරයා සිය නිවස බලා යමින් සිටියදී අනතුරට මුහුණ පා තිබේ. එලෙස මියගොස් ඇත්තේ ගල්කිරියාගම පොලීසියට අනුයුක්ත 49 හැවිරිදි පොලිස් සැරයන්වරයෙකි. මරණය සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිත ය.