කුරුණෑගල කසළ කන්දේ ගින්න නිවීමේ මෙහෙයුම් තවදුරටත්

කුරුණෑගල කසළ කන්දේ ගින්න නිවීමේ මෙහෙයුම් තවදුරටත්

by Staff writer 01-03-2020 | 7:02 AM

COLOMBO (News 1st) - කුරුණෑගල, සුන්දරාපොළ කසළ කන්දේ හටගත් ගින්න පාලනය කිරීම සඳහා මේ වනවිටත් මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබේ.

ගින්න මැඩපැවැත්වීම සඳහා ගුවන් හමුදාවෙන් බෙල් 212 වර්ගයේ ගුවන් යානයක් ද යෙදවීමට ඊයේ පියවර ගැනුණි. ඊට අමතර කුරුණෑගල නගර සභාවේ ගිනි නිවීම් ඒකකය, කුලියාපිටිය හා හලාවත නගර සභාවල ගිනි නිවීම් රථ, පොලීසිය හා ප්‍රදේශවාසීන් ද ඊට එක්විය. කසළ කන්දේ ගින්න හටගත්තේ ඊයේ පෙරවරුවේදීය.