by Staff writer 01-03-2020 | 11:19 AM
News 1st - කොරෝනා අසාදනය වී ඇති බවට සැකපිට රෝහල්ගත කළ ඉතාලියේ සිට පැමිණි පුද්ගලයින් දෙදෙනාට එම වෛසරය ආසාදනය වී නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.
එහි විශේෂඥ වෛද්‍ය සමිත ගී කියනගේ මහතා සඳහන් කළේ, ඔවුන් පෙරේදා දිනයේදී අංගොඩ බෝවන රෝග විද්‍යායතනයට ඇතුළත් කළ බවයි.
සෙම්ප්‍රතිෂ්‍යාව ඇතුළු රෝග ලක්ෂණ හේතුවෙන් ඔවුන් ශ්‍රී ජයවර්ධනපුර හා රාගම රෝහල්වලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා අංගොඩ බෝවන රෝග විද්‍යායතනය යොමු කෙරුණි..
ඔවුන් දෙදෙනා සමග කොරෝනා බවට සැකපිට අංගොඩ බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 4 ක්.