පාර්ලිමේන්තුව අද මැදියම් රැයෙන් පසු විසුරුවයි ද?

අද මධ්‍යම රාත්‍රියෙන් පසු පාර්ලිමේන්තුව විසුරුවීමේ බලය ජනපතිට

by Staff writer 01-03-2020 | 11:57 AM

COLOMBO (News 1st) - අද මධ්‍යම රාත්‍රියෙන් පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය ජනාධිපතිවරයාට හිමිවෙයි.

ජාතික මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේ, නීතිපති උපදෙස් මත ජනාධිපතිවරයාට එම බලය හිමිවන බවයි.