හෙරොයින් ජාවාරම්කාරියක් දින 6 ක් රඳවා ගැනේ

හෙරොයින් ජාවාරමේ යෙදුණු සැකකාරියක් දින 6ක් රඳවා ගැනීමට අවසර

by Staff writer 29-02-2020 | 5:37 PM
COLOMBO (News 1st) : හෙරොයින් ජාවාරමේ යෙදුණු සැකකාරියක් දින 6 ක් රඳවා තබා ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර ලබා දී තිබේ. ඒ ඇය අද අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. හෙරොයින් ග්‍රෑම් 11 යි මිලිග්‍රැම් 558 ක් සමග සැකකාරිය අත්අඩංගුවට ගැනුණේ මීගමුව පාර, පෑලියගොඩ ප්‍රදේශයේ නිවසක සිදුකළ වැටලීමකදීයි.