රුපියල් කෝටි තුන හමාරක හෙරොයින් රාජගිරියෙන්

රුපියල් කෝටි තුන හමාරක හෙරොයින් සමග දෙදෙනෙකු කොටුවෙයි

by Staff writer 29-02-2020 | 8:18 AM

COLOMBO ( News 1st ) -  රාජගිරිය ප්‍රදේශයේ කළ වැටලීමකින් හෙරොයින් කිලෝග්‍රෑම් 3 යි ග්‍රෑම් 257 ක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාරයට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ එහි වටිනාකම රුපියල් කෝටි තුනක හමාරකට අධික වන බවයි. එම හෙරොයින් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් අතර ත්‍රීරෝද රථයක් ද සිය භාරයට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සඳහන් කළේ ය.