ගම්මැද්දට අමෙරිකාවේ ක්ලින්ටන් පාසලේ සහය

මහජන සේවය පිළිබඳ අමෙරිකාවේ ක්ලින්ටන් පාසල 'ගම්මැද්ද' සමග 2020 ජාත්‍යන්තර මහජන සේවා ක්‍රියාන්විතයට එක්වෙයි

by Staff writer 29-02-2020 | 12:19 PM

COLOMBO ( News 1st ) - අමෙරිකා එක්සත් ජනපදයේ ආකන්සෝ විශ්වවිද්‍යාලයේ ක්ලින්ටන් මහජන සේවා පාසල මෑතකදී ප්‍රකාශයට පත් කරන ලද හවුල්කාරිත්වයකදී ශ්‍රී ලංකාවේ විශාලතම රාජ්‍ය නොවන මානුෂීය මුලපිරීම වන 'ගම්මැද්ද' සමග එක් වන බවට ඔවුන් සඳහන් කර ඇත.

ක්ලින්ටන් පාසල රාජ්‍ය සේවයේ උපාධි පාඨමාලා පිරිනැමූ අමෙරිකා එක්සත් ජනපදයේ පළමු විශ්වවිද්‍යාලය වන අතර එය ආරම්භ කරන ලද්දේ ආකන්සෝහි ලිට්ල් රොක්හි සිය රාජ්‍ය සේවය ආරම්භ කළ ජනාධිපති බිල් ක්ලින්ටන් සිහි කිරීම සඳහා ය. ක්ලින්ටන් පාසලේ ප්‍රධානියා වන ජේම්ස් එල්. ස්කිප් රදර්ෆර්ඩ් මේ පිළිබඳව මෙලෙස අදහස් දක්වා ඇත. ''2020 දී ගම්මැද්ද නව හවුල්කාර සංවිධානයක් ලෙස ලැබීම ගැන අපි අතිශයින් සතුටට පත්වෙනවා. මෙම මුලපිරීම ගම්මැද්ද සහ ක්ලින්ටන් පාසල සම්බන්ධ කරන අතිරේක සහයෝගීතා අවස්ථාවන් සඳහා අඩිතාලමක් වන බව අපි බලාපොරොත්තු වෙනවා " [caption id="attachment_257932" align="aligncenter" width="1036"] ක්ලින්ටන් පාසලේ ප්‍රධානී ජේම්ස් එල්. ස්කිප් රදර්ෆර්ඩ් සමග කැපිටල් මහාරාජා සංවිධානයේ සමූහ අධ්‍යක්ෂ ෂෙවාන් ඩැනියෙල් මහතා ක්ලින්ටන් පාසලේදී[/caption] ගම්මැද්ද සහ ක්ලින්ටන් පාසල අතර අන්තර්ජාතික රාජ්‍ය සේවා ව්‍යාපෘති වැඩසටහන මගින් ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ගම්මාන මුහුණ දී ඇති විසඳිය නොහැකි ගැටලුවක් වන අලි මිනිස් ගැටුම කෙරෙහි අවධානය යොමු කෙරේ. රදෆර්ඩ් මහතා පවසා සිටියේ ආකන්සෝ ක්ලින්ටන් විශ්වවිද්‍යාලයේ රාජ්‍ය සේවා පාසල වඩාත් සාම්ප්‍රදායික උපාධි පාඨමාලාවලින් වෙනස් වන බවයි. ශ්‍රී ලංකාවේ මහාරාජා සංවිධානය විසින් ආරම්භ කරන ලද ගම්මැද්ද ව්‍යාපාරය එක්සත් රාජධානියේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සහ එක්සත් ජනපදයේ බ්‍රවුන් විශ්වවිද්‍යාලය ඇතුළු ලෝකයේ වඩාත්ම කීර්තිමත් ඉගෙනුම් ආයතන විසින් පිළිගෙන ඇත.