පුනරුත්ථාපනය කළ 350ක් අද සමාජගත කෙරේ

පුනරුත්ථාපනය කළ මත්ද්‍රව්‍යට ඇබ්බැහිවූවන් 350ක් අද සමාජගත කෙරේ

by Staff writer 29-02-2020 | 2:29 PM

COLOMBO ( News 1st ) -  පුනරුත්ථාපනය කළ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් 350 දෙනෙකු අද සමාජගත කෙරෙන බව පුනරුත්ථාපනය කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව පවසයි.

පුනරුත්ථාපනය කොමසාරිස් ජනරාල් මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතා පැවසුවේ මෙම පිරිසට වසරක කාලයක් උපදේශනය, අධ්‍යාපනය හා මනෝසමාජීය නිපුණතා මෙන්ම වෘත්තීය පුහුණුව ලබා දුන් බවයි. තවත් 1000 ක පමණ පිරිසක් පුනරුත්ථාපනය කඳවුරු 03ක පුහුණුව ලබන බව මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ ය. වව්නියාව- පූන්තෝට්ටම්, වැලිකන්ද - කන්දකාඩු හා සේනපුර යන කඳවුරු 03 ක එම පිරිස පුහුණුව ලැබුවේය.