ජල පරිභෝජනය සීඝ්‍රයෙන් ඉහළට

ජල පරිභෝජනය සීඝ්‍රයෙන් ඉහළට

by Staff writer 29-02-2020 | 4:01 PM
COLOMBO (News 1st) : පවතින වියළි කාලගුණයත් සමග ජල පරිභෝජනය සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. එම මණ්ඩලයේ සාමාන්‍යාධිකාරි ආර්. එච්. රුවිනිස් මහතා සඳහන් කළේ, මේ හේතුවෙන් ඇතැම් ප්‍රදේශවලට අඛණ්ඩ ජල සැපයුමක් ලබාදීමට නොහැකි වී ඇති බවයි. ජලය පානීය අවශ්‍යතාවලට පමණක් භාවිත කරන්නැයි, ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටී.