ගාලු මුහුදේදී මත්කුඩු කිලෝ 108ක් වටලයි

ගාලු මුහුදේ මෙහෙයුමකින් මත්කුඩු කිලෝ 108ක් නාවික හමුදා අත්අඩංගුවට

by Staff writer 29-02-2020 | 6:27 PM
COLOMBO (News 1st) : නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ගාල්ල මුහුදේ ඒකාබද්ධව ක්‍රියාත්මක කළ වැටලීමකින් හෙරොයින් කිලෝ ග්‍රෑම් 68ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 50ක් අත්අඩංගුවට ගෙන තිබේ. නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, එම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රු. මිලියන 1180ක් පමණ වන බවයි. https://www.facebook.com/NewsfirstSL/videos/250971372562225/