කුණු කන්දේ ගින්න නිවීමට බෙල් 212 වර්ගයේ යානයක්

කුණු කන්දේ ගින්න නිවීමට බෙල් 212 වර්ගයේ යානයක් යොදවයි

by Staff writer 29-02-2020 | 3:35 PM
COLOMBO (News 1st) : කුරුණෑගල, සුන්දරාපොළ කසළ කන්දේ හටගෙන ඇති ගින්න නිවා දැමීම සඳහා බෙල් 212 වර්ගයේ ගුවන් යානයක් යොදවා ඇතැයි ගුවන් හමුදාව පවසයි. ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක, ගෘප් කැප්ටන් දුෂාන් විජේසිංහ මහතා සඳහන් කළේ, හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරේ යානයක් ඒ සඳහා යොදවා ඇති බවයි. ඊට අමතරව කුරුණෑගල නගර සභාවේ ගිනි නිවීම් රථ 2 ක් ගින්න නිවා දැමීම සඳහා යොදවා තිබේ. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ , ගින්න මැඩපැවැත්වීම තරමක් අසීරු බවයි.