හිටපු  ඇමති විජේදාස ජනපති කොමිසම හමුවට

හිටපු  ඇමති විජේදාස 21 ප්‍රහාරය ගැන සොයන ජනපති කොමිසම හමුවට

by Staff writer 28-02-2020 | 7:54 AM
COLOMBO (News 1st) : හිටපු අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා අප්‍රේල් 21 ප්‍රහාරය පිළිබඳ විමර්ශනයට පත් කළ ජනාධිපති කොමිසම හමුවට අද කැඳවා තිබේ. ඒ ඔහු විසින් පාර්ලිමේන්තුව හා ඉන් පිටතදී තවුහිද් ජමාද් සංවිධානයේ ක්‍රියාකාරකම් පිළිබඳව කළ අනාවරණ කිරිම් සම්බන්ධයෙන් සාක්ෂි විමසීම සඳහායි . මේ අතර කොළඹ දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා  ඊයේ කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන්නේ ය. මේ වනවිට ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දී ඇති පුද්ගලයින් සංඛ්‍යාව 74 කි. තවත් පුද්ගලයින් 571 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන ඇති බව ජනාධිපති කොමිසම සඳහන් කළේ ය.