රාජ්‍ය ගිණුම් කාරක සභාවේ අරමුණ ගැන ජනපති කියයි

"රාජ්‍ය ගිණුම් කාරක සභාවේ අරමුණ රාජ්‍ය සේවකයින් නීතියෙන් බැඳ තැබීම නොවේ" - ජනපති

by Staff writer 28-02-2020 | 6:18 PM

COLOMBO (News 1st) - රාජ්‍ය ගිණුම් කාරක සභාවේ අරමුණ රාජ්‍ය සේවකයින් නීතියෙන් බැඳ තැබීම නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපතිතුමා මේ බව කියා සිටියේ, රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාව 2018 වර්ෂයේ මූල්‍ය පාලන නීතිරිති හා රෙගුලාසිවලට අනුගතවීමෙන් කාර්යය සාධනය පිළිබඳ සතුටුදායක ප්‍රතිඵල පෙන් වූ ආයතන ඇගයීමට ලක් කිරීම වෙනුවෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ අද පැවති උත්සවයකදීය. එහිදී ඇගයීමට ලක් කළ පළාත් පාලන ආයතන 844 ක් අතුරින් තෝරාගත් රාජ්‍ය ආයතන 109 කට සම්මාන පිරිනැමුණි. රන් සම්මාන 55 ක්, රීදි සම්මාන 23 හා සම්මාන සහතික 31 ක් ප්‍රදානය කෙරිණි. විශිෂ්ටතා දැක්වූ ආයතන වෙත රන් සම්මාන පිරිනැමුවේ ජනාධිපතිතුමා විසිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා https://www.facebook.com/NewsfirstSL/videos/612701036243288/