රෝහණ බැද්දගේට දුන් තනතුරට අනුමැතිය

මාලදිවයිනේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ලෙස රෝහණ බැද්දගේ පත් කිරීමට කළ යෝජනාවට අනුමැතිය

by Staff writer 28-02-2020 | 4:18 PM

COLOMBO (News 1st) - මාලදිවයිනේ නව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස ප්‍රවීණ ගායන ශිල්පී රෝහණ බැද්දගේ මහතා පත් කිරීමට රජය ඉදිරිපත් කළ යෝජනාවට පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිව තිබේ.

පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ, කතානායක කරූ ජයසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවති උසස් නිලතල පිළිබඳ කාරක සභාව හමුවට බැද්දගේ මහතා කැඳවා ඇති බවයි. එම අවස්ථාවට රවුෆ් හකීම්, ජෝන් අමරතුංග, ඩී. සිද්ධාර්ථන්, එරාන් වික්‍රමරත්න සහ එම්. ඒ. සුමන්තිරන් යන මහත්වරුන් සහභාගී වූහ.