මත්කුඩු සමග සැකකරුවෙකු බටුවත්තේදී අත්අඩංගුවට

මත්කුඩු සමග සැකකරුවෙකු බටුවත්තේදී අත්අඩංගුවට

by Staff writer 28-02-2020 | 11:17 AM
COLOMBO (News 1st) : අයිස් වර්ගයේ මත්ද්‍රව්‍ය ග්‍රෑම් 515 ක් සහ හෙරෝයින් ග්‍රෑම් 5 යි මිලිග්‍රෑම් 310ක් සමග සැකකරුවෙකු රාගම, බටුවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ, අත්අඩංගුවට ගන්නා සැකකරු 2010 වර්ෂයේ දී වත්තල හුනුපිටිය ප්‍රදේශයේදී සිදුවූ කෝටි 7 ක මුදල් මංකොල්ලය හා 2019 වර්ෂයේදී පුද්ගලයෙකුට තියුණු ආයුධවලින් පහර දී තුවාල සිදු කිරිම ඇතුළු අපරාධ කිහිපයකට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර ඇප මත මුදා හැර සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු බවයි. සැකකරුගෙන් ප්‍රශ්න කිරිමේදී අනවරණය වී ඇත්තේ කෙසෙල්වත්තේ දිනුක නමින් හැඳින්වෙන සංවිධානාත්මක අපරාධකරුගේ පාර්ශවයෙන් මෙම අයිස් සහ හෙරෝයින් මත්ද්‍රව්‍ය ලබාගෙන මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන බවයි. වැඩිදුර පරීක්ෂණ සඳහා සැකකරු රාගම පොලීසියට භාර දී තිබේ. .