පන්නල පාසලක ළිඳකට රසායනිකයක් මුසු කිරීමේ සිද්ධියක්

පන්නල පාසලක ළිඳකට රසායනිකයක් මුසු කිරීමේ සිද්ධියක්

by Staff writer 28-02-2020 | 2:28 PM
COLOMBO (News 1st) : පන්නල, වඩුමුන්නේගෙදර මහාබෝධි විද්‍යාලයේ සිසුන් ජලය ලබා ගන්නා ළිඳට රසායනික ද්‍රව්‍යයක් මුසු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලීසිය පවසයි. ඒ පාසලේ විදුහල්පතිවරයා පොලිසියට කළ දැනුම් දීමක් අනුවයි. ළමුන් 250 ක් පමණ ඉගෙනුම ලබන මෙම විද්‍යාලය ප්‍රාථමික අංශයේ පන්ති පවත්වාගෙන යන පාසලකි. සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන නොමැත.