by Staff writer 28-02-2020 | 12:53 PM
COLOMBO (News 1st) : කුඩා ධීවර යාත්‍රා සඳහා කාලගුණික දත්ත ඇතුළු හදිසි අනතුරු ඇගවීම් පිළිබඳ දැනුම් දීමේ කෙටි පණිවුඩ සේවාවක් අද ආරම්භ කෙරෙයි.
ඒ ධීවර දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙනි.
දැනට මෙරට මුහුදේ ධීවර කටයුතුවල යෙදෙන කුඩා යාත්‍රා සංඛ්‍යාව 25000 කට අධිකයි.
එහෙත් එම ධීවරයින්ට මෙතෙක් විධිමත් පරිදි හදිසි තොරතුරු දැනුම් දීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක නොවී ය.
ධීවර දෙපාර්තමේන්තුව පැවසුවේ මෙම කොටි පණිවුඩ සේවාව මගින් හදිසි කාලගුණ වෙනස්වීම්, ඇතුළු කරුණු සම්බන්ධයෙන් ඔවුන් දැනුවත් කිරීමට නියමිත බවයි.