කොටුව - මාතලේ දුම්රිය සතියට දින 5ක් ධාවනයේ

කොටුව - මාතලේ දුම්රිය සතියට දින 5ක් ධාවනයේ

by Staff writer 28-02-2020 | 9:20 AM
COLOMBO (News 1st) : කොළඹ, කොටුව හා මාතලේ අතර දුම්රිය ලබන දෙවැනිදා සිට සඳුදා සිට සිකුරාදා දක්වා සතියට දින 5ක් ධාවනයට යෙදවීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. දුම්රිය සාමාන්‍යධීකාරි ඩිලන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, දැනට එම දුම්රිය සඳුදා හා සිකුරාදා දිනවල පමණක් මාතලේ දක්වා ධාවනය වන බවයි. නව කාලසටහන් අනුව සතියේ වැඩකරන දිනවල උදෑසන 6.30 ට මාතලේ සිට කොළඹ කොටුව දක්වාත් සවස 2.30ට කොළඹ කොටුවේ සිට මාතලේ දක්වාත් දුම්රිය ධාවනය කරවනු ඇති. මාතලේ මගී සංගම්වලින් කළ ඉල්ලීම් රැසක් සලකා බලා මේ තීරණය ගත් බවයි.