එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලය අද රැස්වෙයි

එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලය අද රැස්වෙයි

by Staff writer 28-02-2020 | 7:56 AM
COLOMBO (News 1st) : එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය අද රැස්වේ. පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේ, අද සවස 3 ට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කෘත්‍යාධිකාරි මණ්ඩලය රැස්වන බවයි. සිරිකොත පක්ෂ මූලස්ථනයේදි පැවැත්වෙන මෙම රැස්විමේදී ඉදිරි දේශපාලන කටයුතු සහ මැතිවරණය සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට නියමිතව ඇති බව මහලේකම්වරයා සඳහන් කළේ ය. මේ අතර සමගි ජන බලවේගය පිහිටුවිමේ නිල උත්සවය ලබන 02 වනදා පැවැත්වේ. ඒ නෙළුම් පොකුණ රගහලේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සහභාගිත්වයෙන් එදින පෙරුවරුවේයි.