by Staff writer 28-02-2020 | 6:56 PM
COLOMBO ( News 1st) - මේ දිනවල පවතින උෂ්ණ අධික කාලගුණය හේතුවෙන් මිනිස් සිරුරට අහිතකර බලපෑම් ඇතිවිය හැකි බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ ය.
ප්‍රජා වෛද්‍ය විශේෂඥ කපිල ජයරත්න මහතා සඳහන් කළේ, මේ පිළිබඳව කුඩා දරුවන් , අවුරුදු 65 ට වැඩි පුද්ගලයින් සහ තරබාරු පුද්ගලයින් සහ රෝගී පුද්ගලයින් විශේෂ අවධානය යොමු කළ යුතු බවයි.
ශරීරය වෙහෙසන අවස්ථාවලදී සෑම පැයකට වරක්ම ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම වැදගත් බව ඔහු පෙන්වා දෙන්නේය.
මේ උෂ්ණ අධික කාලගුණය හමුවේ පිළිපැදිය යුතු සෞඛ්‍ය ආරක්ෂිත පිළිවෙත් පිළිබඳව පැහැදිලි කරන ප්‍රජා වෛද්‍ය විශේෂඥ කපිල ජයරත්න මහතා සඳහන් කළේ, අධික හිරු රශ්මියට නිරාවරණය නොවන ලෙස ය.
මේ අතර හෙට දිනයේ වයඹ, බස්නාහිර, දකුණ සහ සබරගමුව පළාත්වලට සහ මන්නාරම දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල උණුසුම් කාලගුණ තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.