ආමත්‍ය මණ්ඩල තීරණ

ආමත්‍ය මණ්ඩල තීරණ

by Staff writer 28-02-2020 | 12:44 PM
COLOMBO (News 1st) : ලොකු ළූණු කිලෝ ග්‍රෑමයක් මිලදී ගැනීමේ සහතික මිල රුපියල් 60 සිට රුපියල් 80 ක් දක්වා ඉහළ නැංවීමට ද කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ. ගොවීන්ට තම අස්වැන්න සඳහා සාධාරණ මිලක් ලබා දීම මෙහි අරමුණු බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය. විශ්වවිද්‍යාල සිසුන්ට ලබා දෙන මහපොළ ශිෂ්‍යාධාර සංඛ්‍යාව වැඩි කිරිමට ද කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ඒ උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවකට අනුවයි. ඒ අනුව දැනට පහළොස් දහසකට ලබා දෙන මහපොළ ශිෂ්‍යාධාර සංඛ්‍යාව 20000 ක් දක්වා වැඩි කිරීමට නියමිත බව රජය පැවසී ය. මීට සමගාමිව මහපොළ අරමුදල ද රුපියල් බිලියන 10.5 සිට රුපියල් බිලියන 20 ක් දක්වා වැඩි කිරීමට ද සැලසුම් සකස් කර තිබේ. සංචාරක සංවර්ධන බද්ද අය නොකිරිමේ සහන කාලය අප්‍රේල් 30 වැනිදා දීර්ඝ කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ. අප්‍රේල් 21 ප්‍රහාරයෙන් පසු මෙම බද්ද අය කිරිම නතර කෙරුණේ මෙරට සංචාරක කර්මාන්තය යළි ප්‍රවර්ධනය කිරිමේ අරමුණිනි. එය පසුගිය ජනවාරි පළමු වැනිදායින් අවසන් විය.