පන්නල පාසලක ළිඳකට රසායනිකයක් මුසු කිරීමේ සිද්ධියක්

පන්නල පාසලක ළිඳකට රසායනිකයක් මුසු කිරීමේ සිද්ධියක්

පන්නල පාසලක ළිඳකට රසායනිකයක් මුසු කිරීමේ සිද්ධියක්

කර්තෘ Staff writer

28 Feb, 2020 | 2:28 pm

COLOMBO (News 1st) : පන්නල, වඩුමුන්නේගෙදර මහාබෝධි විද්‍යාලයේ සිසුන් ජලය ලබා ගන්නා ළිඳට රසායනික ද්‍රව්‍යයක් මුසු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලීසිය පවසයි.

ඒ පාසලේ විදුහල්පතිවරයා පොලිසියට කළ දැනුම් දීමක් අනුවයි.

ළමුන් 250 ක් පමණ ඉගෙනුම ලබන මෙම විද්‍යාලය ප්‍රාථමික අංශයේ පන්ති පවත්වාගෙන යන පාසලකි.

සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන නොමැත.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]