චීනයෙන් හා කොරියාවෙන් එන පිරිස් විශේෂ නිරීක්ෂණයකට

චීනයෙන් හා කොරියාවෙන් එන පිරිස් විශේෂ නිරීක්ෂණයකට

by Staff writer 28-02-2020 | 8:00 AM
COLOMBO (News 1st) : චීනයෙන් හා දකුණු කොරියාවෙන් මෙරටට පැමිණි දහසකට අධික පිරිසක් මේ වනවිට සෞඛ්‍ය නිලධාරීන් විසින් නිරීක්ෂණය කරමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේ, ඔවුන් රැඳී සිටින සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසවල මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් මාර්ගයෙන් මෙම පරීක්ෂා කිරිම් සිදුකරන බවයි. ඔවුන්ට කොරෝනා රෝග ලක්ෂණ පහළ වුවහොත් කඩිනමින් ප්‍රතිකාර ලබා දීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති බව ද විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසී ය. මේ අතර දකුණු කොරියාවේ සිට සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා පැමිණේ ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන්ද විශේෂ උපදෙස් මාලාවක් නිකුත් කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ ය.