කැලණිය සරසවියේ CCTV ගැල වූ සිසුන් 25කට පන්ති තහනමක් පැනවීමේ තීරණයක්

කැලණිය සරසවියේ CCTV ගැල වූ සිසුන් 25කට පන්ති තහනමක් පැනවීමේ තීරණයක්

කැලණිය සරසවියේ CCTV ගැල වූ සිසුන් 25කට පන්ති තහනමක් පැනවීමේ තීරණයක්

කර්තෘ Staff writer

28 Feb, 2020 | 5:10 pm

COLOMBO (News 1st) – කැලණිය විශ්වවිද්‍යාලයේ CCTV කැමරා ගැලවීමේ සිද්ධියට සම්බන්ධ සිසුන් 25 දෙනෙකුට වසර දෙකක පන්ති තහනමක් පැනවීමට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය තීරණය කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් එම විශ්වවිද්‍යාලය පවසන්නේ, ඊට අදාළ ඉදිරි පරීක්ෂණ ක්‍රියාත්මක බවයි.

ගැල වූ CCTV කැමරා යළි සවි කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව ද විශ්වවිද්‍යාලය පැවසුවේ ය.

මේ අතර 2017/2018 අධ්‍යයන වර්ෂය හෙටින් අවසන් වන බැවින් එදින පෙරවරු 8.00 සිට කැලණි විශ්වවිද්‍යාලයේ දළුගම පරිශ්‍රය සියලුම සිසුන්ට තහනම් ප්‍රදේශයක් බවට ප්‍රකාශයට පත් කර තිබේ.

විශ්වවිද්‍යාලය නිවේදනය කළේ, ඒ අනුව හෙට පෙරවරු 8.00 ට පෙර සියලු සිසුන් නේවාසිකාගාරවලින් ඉවත් විය යුතු බවයි.

සති අන්ත පශ්චාත් උපාධි පාඨමාලා, ඩිප්ලෝමා පාඨමාලා, සහතික පත්‍ර පාඨමාලා ද ඊට අදාළ සියලුම විභාග නැවත දැනුම්දෙනතුරු නොපැවැත්වෙන බව කැලණිය විශ්වවිද්‍යාලය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය.

මේ අතර කැලණිය විශ්වවිද්‍යාලයේ CCTV කැමරා ගැලවීමේ සිද්ධියට සම්බන්ධ භික්ෂුන්වහන්සේ නමක් ඇතුළු සිසුන් 3 දෙනෙකු ලබන මස 03 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

ඒ, ඔවුන් අද මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

විශ්වවිද්‍යාලයේ CCTV කැමරා පද්ධතියට හානි කිරීම සම්බන්ධයෙන් ඊයේ සිසුන් 16 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඉන් 12 දෙනෙකු පොලිස් ඇප මත මුදා හැරිණි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]