හිටපු මන්ත්‍රී සජින් ද වාස් රක්ෂිත බන්ධනාගාරයට

හිටපු මන්ත්‍රී සජින් ද වාස් රක්ෂිත බන්ධනාගාරයට

by Staff writer 27-02-2020 | 4:15 PM
COLOMBO (News 1st) : හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන මහතා ලබන 12 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද නියෝග කළේ ය. ඒ විත්තිකාර සජින් ද වාස් ගුණවර්ධන මහතා පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ට බලපැම් කරන බවට නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටින රජයේ අධිනීතිඥ උදාර කරුණාතිලක මහතා අධිකරණයට කරුණු දැක්වීමෙන් අනතුරුවයි. පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය දැරූ වසර 5 ක කාලය තුළ රුපියල් කෝටි 30 කට අධික මුදලක් උපයා ගැනීමෙන් මුදල් විශුද්ධිකරණය යටතට ගැනෙන වැරදි සිදුකර ඇති බවට චෝදනා කරමින් නීතිපතිවරයා විසින් සජින් ද වාස් ගුණවර්ධන මහතාට එරෙහිව මෙම නඩුව පවරා තිබේ.