ක්‍රිකට් ආයතනය ක්‍රීඩා ලෝලීන්ගෙන්  සමාව ඉල්ලයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රීඩා ලෝලීන්ගෙන් සමාව ඉල්ලයි

by Staff writer 27-02-2020 | 9:39 PM

COLOMBO (News 1st) - කොදෙව් කණ්ඩායම සමග ඊයේ සූරියවැව ක්‍රීඩාංගනයේ පැවති ජාත්‍යන්තර එක්දින තරගය නැරඹීමට පැමිණි ක්‍රීඩාලෝලීන්ට පහරදීම පිළිඳව අද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමාව ඉල්ලා සිටියේ ය.

ක්‍රිකට් සභාපතිවරයා සිදුවූ වරද ගැන සමාව ඉල්ලා සිටීම අගය කළ යුතු කරුණකි. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද ඒ පිළිබඳව කනගාටුව පළ කළේ ය. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා --- ඊයේ වෙච්ච සිද්ධිය පිලිබදව අපි කණගාටු වෙනවා මැච් එක බලන්න ගිහිල්ලා.ඇත්ත වශයෙන්ම ක්‍රිකට් බෝඩ් එක කරපු අවුල තමා මම හිතන්නේ මේ ගැටුමට හේතු වුනේ. අවුරුදු ගානකට පස්සේ තරුණ ලමයි මැච් එක බලන්න අවාම මේ විදිහට සලකපු එක නම් සම්පූර්ණයෙන් වැරදියි.