ශ්‍රී ලංකාව ගැන වාර්තාවක් අද මානව හිමිකම් සැසියට

ශ්‍රී ලංකාව ගැන වාර්තාවක් අද මානව හිමිකම් සැසියට

by Staff writer 27-02-2020 | 7:05 AM

COLOMBO (News 1st) - එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂන් සභාවේ 43 වැනි සැසියට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වාර්තාවක් අද ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

ඒ, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් මිචෙල් බචලේ විසිනි. 30/1 සහ 40/1 යන යෝජනාවල සමඅනුග්‍රාහකත්වයෙන් ශ්‍රී ලංකාව ඉවත් වන බව විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ නිල වශයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට දැනුම් දුන්නේ ය.