මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් 4 ක් අත්අඩංගුවට

බස්නාහිර විශේෂ වැටලීමකින් මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් 4 ක් අත්අඩංගුවට

by Staff writer 27-02-2020 | 4:02 PM
COLOMBO (News 1st) : බස්නාහිර පළාතේ ස්ථාන තුනක ක්‍රියාත්මක කළ විශේෂ වැටලීම්වලින් හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පෑළියගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් වත්තල තෙලගපාන ප්‍රදේශයේදී එක් වැටලීමක් ක්‍රියාත්මක කළ අතර එහිදී හෙරොයින් කිලෝග්‍රෑම් එකක් සමග සැකරකුවෙකු අත්අඩංගුවට ගැනිණ. ග්‍රෑන්ඩ්පාස් පොලීසියේ නිලධාරීන් සේදවත්ත කළුපාලම අසලදී හෙරොයින් ග්‍රෑම් 120 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, ගල්කිස්ස විශේෂ දූෂණ මර්දන ඒකකය, ගල්කිස්ස පොලිස් වසමේදී ගංජා කිලෝග්‍රෑම් 6 ක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවයි. සැකකරුවන් හෙට අධිකරණයට ඉදිරපත් කිරීමට නියමිතයි.