අමෙරිකාවේ, සැන්ෆ්‍රැන්සිස්කෝ නගරයට හදිසි තත්ත්වයක්

දකුණු අමෙරිකානු කාලපයේ පළමු කොරෝනා ආසාධිතයා බ්‍රසීලයෙන් හමුවෙයි

by Staff writer 27-02-2020 | 9:53 AM

News 1st - නව කොරෝනා වෛරසය හේතුවෙන් රටවල් 42 ක සිදු වූ මරණ සංඛ්‍යාව 2800 ඉක්මවා ගොස් තිබේ.

ඊයේ දිනයේදී දකුණු අමෙරිකානු කලාපයේ පළමු කොරෝනා ආසාදිතයා බ්‍රසීලයෙන් හඳුනා ගැනුණු අතර ප්‍රංශයෙන් දෙවැනි මරණය වාර්තා විය. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මේ වනවිට නව කොරෝනා වෛරසය ආසාදය වුවන් 81,000 ඉක්මවා ඇති බවයි. ඉන් වැඩිම මරණ සහ ආසාදිතයන් සංඛ්‍යාව චීනයෙන් වාර්තා වෙද්දී තව ත් ආසියාතික රාජ්‍යක් වන දකුණු කොරියාව නව කොරෝනා ව්‍යාප්තියේ වැඩිම බලපෑමට ලක්ව තිබේ. ඉරාන නියෝජ්‍ය සෞඛ්‍ය ඇමතිවරයාට අමතරව තව ත් ප්‍රධානපෙළේ රාජ්‍යතාන්ත්‍රිකයන් කිහිපදෙනෙකුම කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව එරට මාධ්‍ය වාර්තා සඳහන් කළේ ය. මේ අතර කොරෝනා වෛරසයට පෙර සූදානමක් වශයෙන් අමෙරිකාවේ, සැන්ෆ්‍රැන්සිස්කෝ නගරයට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කිරීමට එරට බලධාරීන් කටයුතු කර ඇත.