ජාතික පාසල් 153කට ශ්‍රේණිධාරී විදුහල්පතිවරු

ජාතික පාසල් 153කට ශ්‍රේණිධාරී විදුහල්පතිවරු පත් කෙරෙති

by Staff writer 27-02-2020 | 3:16 PM
COLOMBO (News 1st) : ජාතික පාසල් 153 කට ශ්‍රේණිධාරී විදුහල්පතිවරුන් පත් කර තිබේ. අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ, පසුගිය දෙසැම්බර් සහ ජනවාරි මාසයන්හි සිදුකරන ලද සම්මුඛ පරීක්ෂණ අනුව රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සහ අධ්‍යාපන සේවා කමිටුවේ ද අනුමැතිය ඇතිව විදුහල්පතිවරුන් 153 ක් බඳවා ගැනීමට පියවර ගත් බවයි. මෙරට ඇති ජාතික පාසල් සංඛ්‍යාව 373කි . ඉන් පාසල් 278 කට නියමිත ශ්‍රේණිධාරී විදුහල්පතිවරුන් මෙතෙක් පත්කර නොමැති බව අධ්‍යාපන අමාත්‍යාංශය පෙන්වා දෙයි. ජාතික පාසල්වල පවත්නා පුරප්පාඩු අනුව මෙම විදුහල්පතිවරුන්ට පාසල් ලබාදීමට කටයුතු කරන අතර පසුගිය 25 වැනිදා අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා විසින් ඊට අදාළ පත්වීම් ලිපි ප්‍රදානය කරන ලැබී ය.