ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 27-02-2020 | 6:07 AM

දේශීය පුවත්

1. රන්ජන් රාමනායකට ඇප, විදෙස් ගමන් තහනම්: මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ඇප මත මුදාහැරීමට නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයෙන් විසින් නියෝග කරනු ලැබ තිබේ. 2. කොරියාවේ සිට අවුරුදු නිවාඩුවට එන ශ්‍රී ලාංකිකයන් නිවෙස් තුළම නිරෝධායනයට පියවර: කොරියාවේ සිට අවුරුදු නිවාඩුවට එන ශ්‍රී ලාංකිකයන් ඔවුන්ගේ නිවෙස් තුළම දින 14 ක නිරෝධායනයකට ලක් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කළේ ය. 3. රුසියාවේ හිටපු තානාපති යළි රක්ෂිත බන්ධනාගාරයට: රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ‍උදයංග වීරතුංග මහතා ලබන මස 11 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. 4. ශ්‍රී ලංකාව UNHRC 30/1 සහ 40/1 ඉවත් වන බව දැනුම් දෙයි: එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 30/1 සහ 40/1 යෝජනාවල සමඅනුග්‍රාහකත්වයෙන් ශ්‍රී ලංකාව ඉවත් වන බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට නිල වශයෙන් දැනුම් දුන්නේ ය. 5. මහ මැතිවරණය අප්‍රේල් 25 – මැයි 04 අතර – මැතිවරණ කොමිසම: පාර්ලිමේන්තු මැතිවරණය අප්‍රේල් 25 ත් මැයි 04 ත් අතර කාලය තුළ පැවැත්වීමේ හැකියාව පවතින බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

විදෙස් පුවත්

6. ලොවපුරා කොරෝනා පැතිරයාම සීඝ්‍රයෙන් ඉහළට: කොවිඩ් නයින්ටීන් හෙවත් කොරෝනා වෛරසය ලොව පුරා පැතිරයාමේ සීඝ්‍රතාවය තවදුරටත් ඉහළ ගොස් තිබේ.