ගුරුවරු අද සිට අකුරට වැඩ

ගුරු - විදුහල්පති වෘත්තීය සමිති අද සිට අකුරට වැඩ

by Staff writer 27-02-2020 | 7:25 AM

COLOMBO (News 1st) - ගුරු - විදුහල්පති වෘත්තීය සමිති අද සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වේ.

ඒ, වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමිනි. ගුරු - විදුහල්පති වෘත්තිය සමිති ඊයේ අසනීප නිවාඩු දැමීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරත විය. ඒ හේතුවෙන් සියලු පාසල්වල අධ්‍යයන කටයුතුවලට දැඩි බාධා එල්ල විය.