කැලණිය සරසවියේ CCTV අවුල

කැලණිය සරසවියේ CCTV කැමරාවලට හානී කළ පුද්ගලයින්ට නීතිය ක්‍රියාත්මක කරනවා - අධ්‍යාපන ඇමති

by Staff writer 27-02-2020 | 9:04 AM

COLOMBO (News 1st) - කැලණිය විශ්වවිද්‍යාලයේ CCTV කැමරා පද්ධතියට හානි කරන ලද පුද්ගලයින්ට පොදු දේපොළ පනත යටතේ නීතිය ක්‍රියාත්මක කරන බව උසස් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

අමාත්‍යවරයා සඳහන් කළේ, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට ඒ සම්බන්ධයෙන් උපදෙස් දී ඇති බවයි. කැලණිය විශ්වවිද්‍යාලයේ CCTV කැමරා සිසුන් පිරිසක් ගලවා ඉවත් කිරීමේ සිදුවීම වාර්තා වූයේ පසුගිය සඳුදාය. ඒ සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් ක්‍රියාත්මක බව කැලණිය විශ්වවිද්‍යාලයේ මාධ්‍ය අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විජයානන්ද රූපසිංහ මහතා සඳහන් කළේ ය. ඔහු පැවසුවේ ඊට සම්බන්ධ සිසුන්, මේ වනවිටත් හඳුනාගෙන ඇති බවයි. ඊට වරදකරුවන් වන පුද්ගලයින්ට දැඩි විනය පියවර ගන්නා බව විජයානන්ද රූපසිංහ මහතා පැවසීය.